යුධ හමුදාවෙන් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින අය සඳහා රැකවරණය ලබා දීම දඩුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් යුධ හමුදා මුලාස්ථානය පෙන්වා දෙන්නේ යුධ හමුදාවෙන් පැනගිය හෝ නිවාඩු නාෙලබා සේවයට වාර්තා නොකර සිටින අයගෙන් කොටසක් තවමත් සැඟව සිටින බවයි.
ඔවුන් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්හි සිදුකරනු ලබන අපරාධ, මංකොල්ලකෑම් සහ සමාජ විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ වන බවට තොරකුරක් ලැබී ඇති බව යුධ හමුදා මුලාස්ථානය පෙන්වා දෙයි.