ලබන වසර සඳහා වන අයවැය ඉදිරිපත් කරන ලබන 12 වනදා විශේෂ ආරක්ෂක වැඩිපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය කතානායක රිස්වි සාලි අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර කතානායකට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විශ්වාසභංගය විවාදයට ගැනීමට ඉඩ ලබා නොදීමෙන් සිය වරප්‍රසාද කඩවූ බවට විපක්ෂය අදත් චෝදනා එල්ල කළා. එහිදී පාර්ලිමේන්තුවේ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



