සුලිපුරම් ප්‍රදේශයේ ළිඳකට වැටී පාසල් දැරියක ජීවිතක්ෂයට

යාපනය කාට්ටුම්පුලම් සුලිපුරම් ප්‍රදේශයේ ළිඳකට වැටී අවුරුදු 6ක් වයසැති පාසල් දැරියක ජීවිතක්ෂයට පත්ව ඇති බව වඩුක්කෝටිටේ පොලීසිය පවසයි.

දැරිය පාසල් ගොස් නැවත නිවසට නොපැමිණීම පිළිබඳව පවුලේ අය විසින් සොයා බැලීමේදී නිවසට එන මාර්ගයේ නිවස ආසන්නයේ පිහිටි ළිඳක තිබී දැරියගේ මළ සිරුර හමු වී ඇත.

දැරියගේ මෘත දේහය යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණ අද (26දා) සිදු කිරීමට නියමිතය.

Exit mobile version