දිස්ත්‍රික්ක කිහිපයකට වැසි – මුහුදු ප්‍රදේශ තරමක් රළු ව‌ෙ‌යි

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තු්ව සඳහන් කළ‌ේය.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති වේ.

නැගෙනහිර මුහුදු ප්‍රදේශ‍ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50දක්වා වැඩිවිය හැක.

එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව ද කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තු්ව සඳහන් කරයි.

Exit mobile version