සදුදා සිට පොල් මිල පහළට

Share

පොල් අලෙවි මණ්ඩලය පැවසුවේ ලබන සදුදා(02) සිට පොල් අලෙවි මණ්ඩලය පොල් ගෙඩි ලක්ෂ 15ක් රුපියල් 65 බැගින් වූ මිල ගණන් යටතේ නගර වලට පැමිණ අලෙවි කිරිමට පියවර ගන්නා බවයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විවිධ සංවිධාන ඇතැම් භාණ්ඩවල මිල ඉහල නැංවිමට හිතුමතේ කටයුතු කරමින් සිටින බවය.අනවශ්‍ය ලෙස පාරිභෝගිකයින් පීඩාවට පත් කරන සංවිධාන හා ව්‍යාපාරිකයින්ට එරෙහිව ක්‍රියාත්මක විම සදහා පාරිභෝගික අධිකාරිය ශක්තිමත් කිරිමට ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 

 

Read more

Local News