ජාතික විගණන ප‍නත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

Share

ජාතික විගණන ප‍නත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (05) පැවැත්වීමට නියමිත වේ.

පසුගිය අප්‍රේල් 03 වැනිදා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ‌ේය.

ජාතික විගණන කොමිෂන් සභාවේ බලතල, කාර්යයන් හා ජාතික විගණන කාර්යාලය මෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහා වන විධිවිධාන මෙම පනත් කෙටුම්පතේ ඇතුළත්.

අවස්ථා කිහිපයකදී සංශෝධනයට ලක් වූ ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද ඊට අදාළ විවාදය පැවැත්වීමට න‌ොහැකි විය.

Read more

Local News