Home දේශීය පුවත් වැල්ලවාය මදුරගල රක්ෂිතයේ විශාල ගින්නක්

වැල්ලවාය මදුරගල රක්ෂිතයේ විශාල ගින්නක්

0
වැල්ලවාය මදුරගල රක්ෂිතයේ විශාල ගින්නක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ රන්දෙණිය ග්‍රාම නිලධාරී වසමේ මදුරගල කන්ද රක්ෂිතයේ ඊයේ (5) රාත්‍රි සිට විශාල ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න ඊයේ රාත්‍රි පුරාවටම රක්ෂිතය පුරා ව්‍යාප්ත වී ඇති අතර මේ වන විටත් ගින්න තැනින් තැන පැතිර යමින් පවතින බවටයි වාර්තා වන්න‍ේ.

ඊයේ රාත්‍රි ආපදා කළමනාකරණ ඒකකයේ දැනුම් දීමකට අනුව යුද හමුදා භට කණ්ඩායමක් ගින්න මැඩපැවැත්වීමට ගොස් ඇති අතර පවතින සුලං තත්ත්වය සහ වියලි කාලගුණය නිසා ඊයේ රාත්‍රියේ දී ගින්න නීවීමට නොහැකි වී ඇත.

ගින්න නිසා රක්ෂිතයේ අක්කර පනහකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති අතර වන සතුන් රැසක්, ඖෂධ පැළෑටි සහ වටිනා ශාක රැසක් ම විනාශ වී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ පිළිබඳ ඉදිරි විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here