නීති විරෝධීව වැලි ගොඩ දැමූ තිදෙනෙකු අත්අඩංගුවට

Share

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ රණ්දෙනිය මීදෙනිය මංකඩ ප්‍රදේශයේ කිරිදි ඔයෙන් වැලි ගොඩ දමමින් සිටි සැකකරුවන් තිදෙනෙකු එම උපකරණ ද සමග වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දීර්ඝ කාලයක සිට දිවා රාත්‍රි දෙකෙහිම මෙම වැලි ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

සැකකරුවන් මීදෙනිය ප්‍රදේශයේ පදිංචි පිලිවෙලින් වයස අවුරුදු 20, 25 සහ 30 යන වයස් වල පසුවන්නන් පිරිසක් බව පොලිසිය පවසයි.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද (6) ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News