බොරැල්ල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

බොරැල්ල, සරණපාලහිමි මාවත ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 130ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වන්න‌ේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (23) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Exit mobile version