ඔස්ට්‍රේලියාවේ දරුවන් තිදෙනෙකු හදිසියේ රෝගී කර වු දෑස් ආලේපන

ඔස්ට්‍රේලියාවේ දරුවන් තිදෙනෙකු හදිසියේ රෝගී වීමට හේතුව දෑස් වටා තවරන රූපලාවණ්‍ය ආලේපනයක් (අඳුන්) විෂ වීම යැයි බලධාරීහු පවසති.

කළු පැහැති මෙම ආලේපන වර්ගයේ ඊයම් මිශ්‍ර වී ඇති බව සොයාගෙන තිබේ.

හෂ්මි වෙළෙඳනාමය යටතේ පකිස්තානයේ නිෂ්පාදිත මෙම අඳුන් වර්ගය ගැන අනතුරු ඇඟවීමට ‘නිව් සවුත් වේල්ස්’ ප්‍රාන්ත ආණ්ඩුව ක්‍රියා කර තිබේ.

මෙම අඳුන් වර්ගයේ 84%ක් ඊයම් සහ තවත් අනතුරුදායක ලෝහ කුඩු වර්ග අන්තර්ගත වී ඇති බව සොයාගෙන ඇත.

මෙම නිෂ්පාදන ඔස්ට්‍රේලියාවට නීත්‍යානුකූලව ආනයනය කර තිබෙන අතර, පාරිභෝගිකයන් දැඩි ලෙස නොමඟ යවන ඇසුරුමක බහා තිබෙනු දක්නට ලැබේ.

Exit mobile version