ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සුවිශේෂි වැඩසටහන් මාලාවක්

Share

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සංකල්පයකට අනුව  ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙවරත් ලෝක ළමා දිනය වෙනුවෙන් ”සතුට පිරුනු සොඳුරු ලොවක්” යන්න තේමාව කරගනිමින් දරු දැරියන් වෙනුවෙන් සුවිශේෂි වැඩසටහන් මාලාවක් පොලොන්නරුව වැලිකන්ද  මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබිණි.

මෙම වැඩසටහන් මාලාව සඳහා  මෙතෙක් කිසිඳු දිනක කොළඹ නගරය වෙත නොපැමිණ තිබූ පොලොන්නරුව වැලිකන්ද මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දක්ෂතාවලින් පරිපූර්ණ වූ ශිෂ්‍යය ශිෂ්‍යාවන් 50 දෙනකු ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මියගේ මඟපෙන්වීම යටතේ කොළඹ ප්‍රදේශයේ චාරිකාවක් සඳහා එක්වූහ.

මෙම දරු දැරියන් පැවති වැඩසටහන් සඳහා සහභාගී කරවීමෙන් අනතුරුව රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය නැරඹීම සඳහා ද විශේෂ ගුවන් සවාරියක් ද කොළඹ නගරයේ සංචාරයක් සඳහා ද අවස්ථාව ලබා දී ඇත.

Read more

Local News