2018 වසරේ පළමු වන කාර්තුව තුළ රජය විසින් රුපියල් බිලියන 469ක ආදායමක් රැස්කර ගෙන තිබේ.
මෙය එම කාර්තුව තුළ අපේක්ෂිත ආදායමෙන් 90.2% කි. එයින් රුපියල් බිලියන 425 ක් බදු මඟින් ද රුපියල් බිලියන 44ක් බදු නොවන මුලාශ්‍ර මඟින්ද ලැබි ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවිර මහතා විසින් 2018 මුල්‍ය වර්ෂයේ පළමු වන කාර්තුව තුළ රජයේ ආදායම් සහ වියදම් පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇති වාර්තාවේ දැක් වේ.
මෙම ආදයමෙන් රුපියල් බිලියන 403ක් එම කාලය තුළ රජයේ වියදම් වශයෙන් යොදා ගෙන තිබේ. එසේ ම 2018 වර්ෂයේ පළමුවන කාර්තුව තුළ ක්‍රියාත්මක වු ව්‍යාපෘති 1354ක් අතුරින් ව්‍යාපෘති 561 නිම කොට ඇති අතර එහි භෞතික ප්‍රගතිය කාර්තුවේ ඉලක්කයෙන් 75%කට වඩා වැඩි බව ද එහි සඳහන් වේ.