ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වාර්ෂික නාවික අභ්‍යාසයේ සමාරම්භක උළෙල ඊයේ

ඔක්තෝබර් 2 (ඊයේ) දින පැවැත්වුනු ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැත්වෙන පළමුවන සහයෝගීතාව, සුදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂික නාවික අභ්‍යාසයේ (CARAT exercise) සමාරම්භක උළෙලට ඇමරිකානු නාවික හමුදාවේ අණ දෙන නිලධාරී මයිකල් ටොලිසන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් එන් ඒ එන් සරත්සේන යන මහත්වරු සහභාගී වුහ.

සතියක් පුරා පැවැත්වීමට නියමිත මෙම අභ්‍යාසය තුළින් දෙරට අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් සහ ගොඩගැනීම්, වෛද්‍ය පුහුණුව සහ ජලය තුල පුපුරන ද්‍රව්‍ය හැසිරවීම පිලිබඳ පුහුණු අවශ්‍යතා සපුරා ගැනීමටත් හැකි වෙයි.

 

Previous articleඅමාත්‍යාංශ 04 ක් සඳහා නව ලේකම්වරුන්
Next articleජනතාවගේ මූලික වගකීමක් මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම – ජනපති