නිධන් වස්තු ලබාගැනීමට කැණීම් සිදුකළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට

කිරිදිවැල, මයිලවලාන ප්‍රදේශයේ නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබී කැණීම් උපකරණ, පූජා භාණ්ඩ සහ වතුර මෝටරයක් ද පොලීසිය බාරයට ගෙන තිබේ.