ශ්‍රී ලංකාව පසුගිය 2017 වසර තුළ කුරුඳු අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 202. 5 ක වාර්තාගත විදේශ විනිමයක් හිමිකරගෙන තිබේ.
ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, එය පෙර වසරට වඩා සියයට 30 ක වර්ධනයක් බවයි.
ශ්‍රී ලංකාව ලොව ඉහළම ප්‍රමිතියෙන් යුත් කුරුඳු නිෂ්පාදකයෙකු ලෙස නම් කර ඇති රටකි. මේ නිසා මෙරට කුරුඳු සඳහා ලෝක වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතී.
එහෙත්, ශ්‍රී ලංකාව තවමත් අපනයනය කරනු ලබන්නේ ගෝලීය කුරුඳු ඉල්ලුමෙන් සියයට 18 ක් පමණයි.