නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රධාන සූපවේදීන් ඇතුළු සේවක මණ්ඩලය එක්ව ලෝකේ ලොකුම ඩෙසට් පිසාව නිපදවා එය පිළිගැන්වීම අද (17) එම හෝටලයේ දී සිදු කෙරුණි.
මෙම ස්ට්‍රෝබෙරි පීසාව සඳහා ස්ට්‍රෝබෙරි කිලෝග්‍රෑම් 200ක් උපයෝගී කරගෙන තිබු අතර මුළු පීසාවේ බර කිලෝග්‍රෑම් 1400ක් බවයි සඳහන් වන්නේ.
උස අඟල් 6කින් යුක්ත මෙම පීසාවේ විශ්කම්භය අඩි 25ක් වන අතර අද දින සිට දින 10ක් පුුුුරා මෙම පීසාව ප්‍රදර්ශනය කිරීම නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ දී සිදු කරනු ලබයි.
මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනු ලැබුවේ සියත TV, සියත FM සහ සියත 24 වෙබ් අඩවියෙනි.