Home දේශීය පුවත් හැටන් – ක‌ොළඹ ප්‍රධාන මාර්ගය‌ේ වටවල කුයිලවත්ත ප්‍රද‌ේශය‌ේ ප්‍රධාන මාර්ගය‌ේ ක‌ොටසක් ගිලා බසීයි

හැටන් – ක‌ොළඹ ප්‍රධාන මාර්ගය‌ේ වටවල කුයිලවත්ත ප්‍රද‌ේශය‌ේ ප්‍රධාන මාර්ගය‌ේ ක‌ොටසක් ගිලා බසීයි

0
හැටන් – ක‌ොළඹ ප්‍රධාන මාර්ගය‌ේ වටවල කුයිලවත්ත ප්‍රද‌ේශය‌ේ ප්‍රධාන මාර්ගය‌ේ ක‌ොටසක් ගිලා බසීයි

හැටන් ක‌ොළඹ ප්‍රධාන මාර්ගය‌ේ වටවල කුයිලවත්ත ප්‍රද‌ේශය‌ේ ප්‍රධාන මාර්ගය‌ේ ක‌ොටසක් තවදුරටත් ගිලා බැසිමේ අවධානම හ‌ේතුව‌ෙන් එම ගිලා බැසීමට ලක්වන ස්ථානය‌ේ රථ වාහන ගමනා ගමනයට එක් මංතීරුවකට සීමා කර ඇත.

මධ්‍යම කඳුකරය‌ේ බටහිර බෑවුම් ප්‍රද‌ේශවලට පසුගිය දිනවල ඇද හැලුණූ අධික වර්ෂාවත් සමඟ එම ස්ථානය සුළු ගිලා බැසිමකට ලක් වු අවස්ථාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් එය ප්‍රතිසංස්කරණය කළ ද යලිත් එම ස්ථානයම ගිලා බැසිමේ අවධානම දැඩිව පවතී.

එම මාර්ගයේ ක‌ොටසක් ‌මේ වන විටත් විශාල ල‌ෙස ඉරිතලා ගිලා බැසිමේ අවධානමක් මතුව ඇත.

හැටන් ක‌ොළඹ ප්‍රධාන මාර්ගය‌ේ වටවල කුයිලවත්‌තේ සිට හැටන් ස්ටැඩන් වත්ත දක්වා ස්ථාන කිහිපයක්ම ම‌ෙ‌සේ ගිලා බැසිමේ අවධානමකට ලක් වී ඇති බව ජාතික ග‌ොඩනැගිලි පර්ය‌ේෂණ ආයතනය මගින් ද තහවුරු කරග‌ෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here