දශක හතකට වඩා අපේ පාර්ලිමේන්තුවට ඉතිහාසයක් තිබෙනවා – කතානායකවරයා

Share

විවිධ පරිවර්තන රාශියක් හමුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමට කටයුතු කර ඇති බව කතානායක කරූ ජයසූරිය මහතා අද (3) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය අවසානයේ දී ස්තූති කතාව පවත්වමින් කතානායකවරයා මෙසේ පැවසී ය.

මම මේ සභාවට දැනුම් දෙන්න කැමැතියි, සාර්ක් කලාපය නියෝජනය කළ ගෞරවනීය අමුත්තන් සාදරයෙන් පිළිගන්නා බව. 1947 දී ශ්‍රි ලංකා ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව පත් කළා. එය අසියාවේ පැරැණිතම පාර්ලිමේන්තුවයි. දශක හතකට වඩා අපේ පාර්ලිමේන්තු ඉතිහාසයක් තිබෙනවා.

එහිදී  අපි විශාල ජයග්‍රහණ රැසක් අත් කරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරිමට ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කිරීමත් කර තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර තිබෙනවා. ආංශික අධීක්ෂණ කාරක සභාවල සභාපතිත්වය ආණ්ඩු පක්ෂය මෙන්ම විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ට ලබාදී තිබෙනවා. අගමැතිවරයාගෙන්  ප්‍රශ්න ඇසීමට මසකට වරක් ලබාදී තිබෙනවා. එය අපි ලැබූ ශ්‍රේෂ්ඨ අභිමානයක්. නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට නව නීතිසම්පාදනය කිරීමටත් කාන්තා නියෝජනය වැඩි කිරිමටත් අප නීති සම්පාදනය කර තිබෙනවා.

මන්ත්‍රීවරුන් සඳහා චර්යාධර්ම සංග්‍රහයක් අපි ඉදිරිපත් කර තිබෙනවා. එය ඉතාම සුවිශේෂීයි. තොරතුරු තාක්ෂණය සමග සමගාමීව ඉදිරියට යමින් පරිගණකත තාක්ෂණක් හඳුන්වාදීම, විද්‍යුත් ඡන්ද ක්‍රමයක් ඇතිකිරීමට පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු ජාත්‍යන්තර සබඳතා ගොඩගැනීමට කටයුතු කරගෙන යනවා. විවිධ පරිවර්තන රාශියක් හමුවේ අප පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමට කටයුතු කර ඇත්තෙමු. ඔබ සියළුදෙනාටම සෞභාග්‍යතමත්  අනාගතයක් පතමි යැයි ද කතානායකවරයා පැවසී ය.

 

Read more

Local News