”දරුවන් සුරකිමු” – ”ජන පවුර” ජාතික වැඩසටහන ‌මේ මස 28 වනදා ආරම්භ ව‌ෙයි

Share

රට තුළ සිදුවන ළමා අපයෝජන අවම කිරීමේ අරමුණින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ”දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රදේශයේ ජනතාවගේ සහභාගිත්වයෙන් ”ජන පවුර” ජාතික වැඩසටහන අගෝස්තු 28 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන මහත්මිය පැවසුවාය.

”ජන පවුර ” ජාතික වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරිය අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ බව පැවසී ය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන මෙම වැඩසටහන දීප ව්‍යාප්තව පැවැත් වීමට කටයුතු යොදා ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

මෙහිදී අදහස් දැක් වූ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂිකා ශානිකා මලල්ගොඩ මහත්මිය පැවසූවේ, මෙම වැඩසටහන තුළින් දිනපතා ළමා ආරක්ෂණ අධිකාරියට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් තම ආයතනය ක්ෂණිකව ක්‍රියාත්මක වන බවයි.

පැය 24 පුරා හා දින 365 පුරා ක්‍රියාත්මක වන 1926 යන හදිසි ඇමතුම් අංකයට කතා කොට ඕනෑම පැමිණිල්ලක් කිරීමට හැකි බව ද ශානිකා මලල්ගොඩ මහත්මිය පැවසුවාය.

Read more

Local News