ශ්‍රී ලංකාවේ ඉබේ වැවෙන ශාකයක් වන මුරුංගා කොළ අපේ රටේ තවමත් එතරම් ජනප්‍රිය නොවූ ආහාරයකි. මුරුංගා පත්‍රවල බහුල වශයෙන් විටමින් B, විටමින් C, ප්‍රෝවිටමින් A, බීටා කැරොටින්, විටමින් K, මැංගනීස් හා ප්‍රෝටීන් ද වෙනත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසකින් ද සමන්විත ය. මුරුංගා පත්‍රවල කැල්සියම් ඔක්සලේට් ප්‍රමාණය නිවිතිවලට වඩා විසිපස් ගුණයකට වඩා ඉහළ මට්ටමක පවතී.
මුරුංගා පත්‍රවල ඇති යකඩ ඉක්මනින්ම මිනිස් සිරුරට අවශෝෂණය වන නිසා මුරුංගා පත්‍ර ආහාරයට ගැනීම මඟින් සාර්ථක ප්‍රතිඵල අත්වේ.
මෙතෙක් කිසිදු අවධානයට ලක් නොවූ මුරුංගා ශාකයේ පත්‍ර ආශ්‍රිතව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලාවක් හම්බන්තොට ස්ථාපිත කිරීමට චීන ආයෝජකයින් පිරිසක් එකඟතාවය පළ කර ඇත.
මෙම නියෝජිත පිරිස සමඟ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සතියේ සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවේදී ඔවුන් මුරුංගා පත්‍ර ආශ්‍රිතව නිපදවිය හැකි නිෂ්පාදන රැසක් අන්තර්ජාතික වෙළඳපොළට හඳුන්වා දීමට තීරණය කර ඇත.
විශේෂයෙන්ම මුරුංගා පත්‍ර වියලා ගැනීම තුළින් සකස්කරගත හැකි පානයක්, මෙන්ම සුප් සහ සෝස් වශයෙන් ද නිපදවිය හැකි ය. ඊට අමතරව මුරුංගා කරල් සහ මුරුංගා ඇටවලින් තෙල් ලබාගැනීමටත් අපේක්ෂා කරයි. මුරුංගා ඇටවල ඇති මේදය කොලෙස්ටරෝල් පාලනයට ඉතාමත්ම හිතකර වන බව එම ආයෝජකයින් පිරිස අමාත්‍යවරයාට පැහැදිලි කළේ ය.