ගින්නකින් ව‌ෙළඳසැලක් සහ නිවසක් සම්පුර්ණය‌ෙන් දැවී විනාශයට

Share

තලවකැල‌ේ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය, ‌ඩෙස්ප‌ෝට් ප්‍රද‌ේශය‌ේ පිහිටි ව‌ෙළඳසැලක අද අළුයම හදිසි ගින්නක් ඇති වී තිබේ.

ම‌ෙම ගින්න‌ෙන් ව‌ෙළඳසැලක් සහ නිවසක් සම්පුර්ණය‌ෙන් දැවී විනාශයට පත් වී ඇති බවයි නානුඔය ප‌ොලිසිය සඳහන් කළ‌ේ.

නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, පා‌ෙලිසිය හා ප්‍රද‌ේශවාසීන් එක්ව ගින්න නිවා දමා තිබේ.

මෙහිදී සිදූවු අලාභය ‌මෙත‌ෙක් තක්ස‌ේරු කර න‌ොමැති අතර ගින්නට හ‌ේතුව ම‌ෙත‌ෙක් අනාවරණට වී න‌ොමැත.

සිද්ධිය සම්බන්ධය‌ෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Read more

Local News