තේ දළු මිල පහළ ගොස් තිබෙන බවට වාර්තා වෙයි.
තේ වගාකරුවන් පවසන්නේ, මීට මාස කිහිපයකට පෙර රුපියල් 100කටත් ඉහළ මිලකට පැවති අමු තේ දළු මිල මේ වන විට රුපියල් 80ක මට්ටමක් දක්වා ඇතැම් ප්රදේශවල පහළ ගොස් ඇති බව ය.
මේ හේතුවෙන් තමන් යළිත් වරක් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ඇති බව තේ වගාකරුවන් පවසයි.