”තම පියාගේ ප්‍රතිරූපය භාවිතා කරලා, පුතා එනවා. එයාලගේ බලාපොරොත්තුව එක අහිංසක මිනිහෙක් හෝ මරාගන්නයි.අපි ඒකට ඉඩ තියන්නේ නෑ” – මංගල සමරවිර –

Share

”මහින්ද රාජපක්ෂට හෝ නාමල් රාජපක්ෂට පෙළපාලි යෑමට තිබෙන අයිතිය වෙනුවෙන් මමත් දිවි හිමියෙන් පෙනී සිටිනවා.එහෙත් විරෝධතාවයක් දක්වනවා නම් යම් පිළිගත් සම්ප්‍රදායන් තිබෙනවා. මේ වෙනකම් කොහෙන්ද
එන්නේ, කොහාටද යන්නේ කියලා කවුරුත් දන්නේ නෑ. එන මිනිස්සුවත් දන්නේ නෑ”

”පෙළපාලි යෑමේ අයිතිය අපි පිළිගන්නවා. කාටවත් අත තියන්නේ නෑ. කිසිම ක්‍රීඩාංගනයක් කැන්සල් කරලා නෑ. පොදු විපක්ෂයේ මේ පෙළපාලිය තිබෙන්නේ අධිකරණයට බලපෑම් කරන්නයි. මේ මොන ජනතා සහභාගිටීමක් ද?තම පියාගේ ප්‍රතිරූපය භාවිතා කරලා, පුතා එනවා. එයාලගේ බලාපොරොත්තුව එක අහිංසක මිනිහෙක් හෝ මරාගන්නයි.අපි ඒකට ඉඩ තියන්නේ නෑ. ආණ්ඩුව දාල යන්නේ ජනතාව ඡන්ද බලයෙන් යන්න කිව්වොත් විතරයි. එදාට ඒ වෙලාවෙම යනවා ”යැයි ද අමාත්‍යවරයා වැඩිදූරටත් පැවසිය.

පෙළපාලි යෑමට තිබෙන අයිතිය වෙනුවෙන් තමන් ද හිමියෙන් පෙනී සිටින බවත් පොදු විපක්ෂයේ පෙළපාලිය ක්‍රියාත්මක ෙවන්ෙන් අධිකරණයට බලපෑම් කිරීමට බවත් ඔවුන්ගේ බලාපොරොත්තුව එක් අහිංසක මිනිසෙකු හෝ මරාගැනීමට බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින්,විපක්ෂය විසින් හෙට දිනට පැවැත්විමට නියමිතව තිබෙන ජනබලය පෙළපාලිය පිලිබද මාධ්‍යවෙදියෙකු විසින් නැගු ප්‍රශ්ණයකට පිලිතුරු දිමක් වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසිය.

Read more

Local News