නාමයේ නොව වැදගත්කම පවතින්නේ ආණ්ඩුවට ඇති බලතලවලයි – වෛද්‍ය රාජිත සේනාරත්න

Share

අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ බලය බෙඳීම හැඳින්වීම සඳහා යොදාගන්නා ෆෙඩරල්ද ඒකීය යන නාමයේ නොව වැදගත්කමක් පවතින්නේ ආණ්ඩුවට ඇති බලතලවල බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් ගුණාංගයන්ගේ යම් වෙනස්කම් කිරීමට සිදු වුවහොත් පමණක් ජනමත විචාරණයකට යා යුතු බවත් එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන්නක් බවත් අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයන් ට පිළිතුරු ලබාදෙමින් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1978 වසරේ සිටම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ය යන තීරණයේ සිටි බවත් වත්මන් රජය ද එම තීරණයේ ම සිටින බවත් වත්මන් ජනාධිපතිවරයා ද විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුය යන තීරණයේ පසුවන අතර ම එතුමා ඒ බව පොරොන්දු වී ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනි.

Read more

Local News