ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට

Share

පසුගිය දා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට(05) නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව මගින් සියලු කටයුතු සුදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පාසල් මට්ටමින් පැවැත්වෙන තරඟ විභාගවල ප්‍රතිඵල ප්‍රමාද වීම නිසා සිසු දරුවන් මුහුණපාන ගැටලු දෙස අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වසරේ නිශ්චිත කාලසටහනකට අනුව ප්‍රධාන විභාගවලට අදාළ ප්‍රතිඵල වසරේ නිශ්චිත දිනකද නිකුත් කිරීමට විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කෙරිණි.

මේ අනුව අපොස උ.පෙ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 වනදාත් , අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වනදාත් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News