වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු රෝගය නැවත වරක් පැතිරයාමේ අවදානමක්

Share

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ හා උතුරු පළාත් තුළ පවතින වර්ෂාපතනය හේතුකොටගෙන ඉදිරි මාස කිහිපය තුලදී දැනට අවම මට්ටමක පවතින ඩෙංගු රෝගය නැවත වරක් පැතිරයාමේ අවදානමක් පවතින බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම නිසා ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.

එබැවින් යම් අයෙකු උණ රෝගයෙන් පෙලෙන්නේ නම් වහාම වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසත් ඩෙංගු රක්තපාත උණ රෝගයෙන් පෙලෙන බව හඳුනා ගන්නා රෝගීන් වහාම රෝහල්ගත විය යුතු බවත් ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

Read more

Local News