ලියනාඩෝ ඩාවින්චිගේ අවසාන චිත්‍රය වෙන්දේසියට

ලෝකප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චිගේ අවසාන චිත්‍රය ලෙස සැලකෙන චිත්‍රයක් නොවැම්බර් 15 වනදා අමෙරිකා ඩොලර් මිලියන සියයේ සිට වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ක්‍රිස්තු වර්ෂ 1500ට අයත්වන මෙම චිත්‍රය ලියනාඩෝ ඩාවින්චි නිර්මාණය කර ඇතැයි සැළකෙන චිත්‍ර විස්සෙන් එකක් වේ. “සැල්වේටර් මුන්ඩි” ලෙසින් මෙම චිත්‍රය නම්කර තිබේ.