දුම්රිය සීසන් පත් සියලු මගීන්ට ලංගම බස්රථවල නොමිලේ ගමන් කිරීමට පහසුකම්

Share

දුම්රිය සීසන් පත් සියලු මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවල නොමිලේ ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසයි.

දුම්රිය වර්ජනය හේතුවෙන් මගී ජනතාවට මුණ පෑමට සිදුවී ඇති අපහසුතාවන් සමනය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සදහන්.

මීට අමතරව දුම්රිය සීසන් පත පෙන්වා ඕනෑම අධිවේගී මාර්ගයක ගමන්කරන සුඛෝපභෝගී බස් රථයකද ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව ද ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ වැඩි දුරටත් පැවැසීය.

Read more

Local News