පාර්ලිමේන්තුවේදී තමන්ට බහුතරය පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන්නේ නම් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ.
ඒ මහතා වැඩ්දුරටත් පවසා අැත්තේ “මට ඔහුත් සමග වැඩ කිරිමේ ගැටලුවක් නෑ. මේ ප්‍රශ්ණය ඔබ ඇසිය යුත්තේ ඔහුගෙන්. ව්‍යවස්ථාවේ පක්ෂග්රාහීව කටයුතු කරන්න ඉඩ ලබා දී නෑ.” බවයි.
තවද පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවිය යුතු බවත් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය හිමි බවත් ‘ද හින්දු’ පුවත් සේවයට හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.