ජාතික දෙමළ භාෂා දින උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Share

ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (14) පෙරවරුවේ ජාතික දෙමළ භාෂා දින උත්සවය යාපනය හින්දු විද්‍යාලයේදී පැවැත්විණි.

යාපනය හින්දු විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය සිසු අයිතියට පවරා දීම සහ දෙමළ භාෂා දිනය වෙනුවෙන් පැවතී තරගවලින් ජයග්‍රහණය කළ පාසල් දරුවන් වෙත තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

එමෙන්ම යාපනය දිස්ත්‍රීක්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සේවය අගයමින් උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

Read more

Local News