ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්දින තරගාවලියේ දෙවන තරඟය අද 

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දිවා – රාත්‍රී තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟය අද  (16)  අබුඩාබී ෂියෙක් ෂෙයාඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. ඒ අනුව මෙම තරඟයේ සජීවී විකාශනය අද ‍ප.ව. 4.00 සිට සියත TV හා සියත FM තුළින් බලාපොරොත්තු වන්න.

ශ්‍රී ලංකාව මේ වන විට කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලින්, ODI තරඟයන්හි 8 වැනි ස්ථානයත් පාකිස්තානය ODI තරඟයන්හි 6වැනි ස්ථානයත් ලබා ගෙන සිටියි.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වුණු පළමු එක්දින තරඟය ලකුණු 83කින් ජය ගැනීමට පාකිස්තානු කණ්ඩායමට හැකි විය.

 

Previous articleජාතික දෙමළ භාෂා දින උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
Next article2017 ජාතික දීපවාලී උත්සවය ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන්