2017 ජාතික දීපවාලී උත්සවය ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 ජාතික දීපවාලී උත්සවය ඊයේ (15) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම 18 වනදාට යෙදෙන දීපවාලී උත්සවය සැමරීමට ලොව පුරා හින්දු බැතිමතුන් සූදානම් වෙති. ඒ නිමිත්තෙන් සියලුම හින්දු බැතිමතුන් වෙත ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ සුබපැතුම් මෙහිදී පිරිනැමිණි.

ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් උත්සවය පැවැත්වුණු අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු රැසක් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.