උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබා දෙන්න – අමාත්‍ය රවුෆ් හකීම් මහතා

Share

යාපන අර්ධ ද්වීපයේ භූගත ජලය දූෂණය වීම පිළිබඳව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන් විසින් කරන ලද පර්යේෂණයේ වැදගත්කම හා ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතාගේ අවධානයට යොමු කොට ඇත.
ශ්‍රී ලංකාවේ ජල විද්‍යාව හා තාක්ෂණ පිළිබඳ වූ උපාධි පාඨමාලා පවත්වන එකම උසස් අධ්‍යාපන ආයතනයක් වන ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අවසන් කරන උපාධිධාරීන් සඳහා සුදුසු රැකියා අවස්ථා සොයාබැලීමේ උසස් මට්ටමේ සාකච්ඡාවක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්වු අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් කරන ලදි.
මෙහි දී මෙම උපාධි පාඨමාලාවේ අන්තර්ගතය සැලකිල්ලට ගෙන එම උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබා දීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස අමාත්‍ය රවුෆ් හකීම් මහතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.
මෙම උපාධි පාඨමාලාවට ජල රසායන විද්‍යාව, පානීය ජල හා අප ජල පිරිපහදු ක්‍රමවේද, ජල සම්පත්, භූගත ජල තත්ත්වය, ජල දූෂණවීම, ජල සම්පාදන ක්‍රමවේද, පානීය ජල බෙදා හැරීමේ පද්ධති, ජල කළමනාකරණය, පානීය ජලය බෝතල් කිරීම සහ  ජල තත්ත්ව විශ්ලේෂණ යනාදි විෂයයන් අන්තර්ගතය.

Read more

Local News