රෝගී සත්කාරක නිරික්ෂණ යන්ත්‍ර 08 ක් කැනඩා රජයෙන්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී කැනඩා රජයේ ආධාර යටතේ සංක්‍රමණිකයින්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් කලුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් සදහා රෝගී සත්කාරක නිරික්ෂණ යන්ත්‍ර 08 ක් පිරිනැමීම පසුගියදා  සිදු කරන ලදි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත රුපියල් මිලියන 2.5 ක්  වටිනා යන්ත්‍ර  කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහතා විසින් පරිත්‍යාග කරන ලදී.