ශ්‍රී ලංකාවට, ජපාන සහයෝගිතා බැංකුවේ පූර්ණ සහය

මෙරට ආර්ථික වැඩසටහන සඳහා පූර්ණ සහය දක්වන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා බැංකුව පවසයි. එහි ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක කළමණාකාර අධ්‍යක්ෂ ටඩාෂි මයීඩා මහතා සහ මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර පැවැති හමුවේ දී මේ බව අනාවරණය විය.

ඉදිරි කටයුතු පිළිබඳ වැඩි දුරටත් සාකච්ඡා කිරීම සඳහා ටඩාෂි මහතා ඇතුළු එම බැංකුවේ දූත පිරිසක් එළඹෙන දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම නියමිත ය.

Previous articleබංග්ලාදේශ මහකොමසාරිස් යුද්ධ හමුදාධිපති හමුවෙයි
Next articleනයිජර් ජනාධිපති කටුනායක ගුවන් තොටුපොළට