පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් අද

2018 අයවැය ඇස්තමේන්තුව අනුව අමාත්‍යාංශ දහයක වැය ශීර්ෂ පිළිබඳ සාකච්ඡා කිරිමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට අද (17) යෝජනා ඉදිරිපත් කෙරිණ.
21 දෙනෙකුගෙන් සමන්විත මෙම කාරක සභාවේ සාමාජිකයින් ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් තෝරාපත් කර ගන්නා අතර සභාපතිවරයා කතානායක විසින් පත් කෙරේ.
පසුගිය ඔක්තෝබර් 09 වැනි දින ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතෙහි වැය ශීර්ෂයන් සාකච්ඡා කිරීමට කාලය වෙන් කර ඇත.
කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංච් කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය,  ජාතික සහජීවන හා සංවාද රාජ්‍ය භාෂා අමාත්‍යාංශය, ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, තැපැල් හැ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය, සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය,  විශේෂ කාර්ය භාර අමාත්‍යාංශය,  විදුලි සංදේශ හා ඩිජිටල් යටිතලපහසුකම් අමාත්‍යාංශය,  විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය  මෙලෙස විශේෂ කාරක සභාවත් පත් කිරීමට නියමිතය.
Previous articleපුරන් වු කුඹුරු ආශ්‍රිතව මී උණ බෝ වීමේ ප්‍රවණතාවක්
Next article43 වැනි උදා ගම්මානය “අශෝකපුර” – අගමැති අතින් ජනතා අයිතියට