ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

Share

ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන 20දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.
මෙම අවස්ථාව සඳහා ග්‍රාම නිලධාරී වසම් 1000ක් නියෝජනය කරමින් 5000ක පමණ පිරිසක් සහභාගිවීමට නියමිතව ඇත.
මෙම වැඩසටහන යට‍තේ, 2017 වසරේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ග්‍රාම නිලධාරි වසම් 700ක් තෝරා ගෙන, එකී වසම්වල වෙසෙන පවුල්වලින් 80%ක් සහභාගි වන මහ සභාවකින් සහ අධ්‍යක්ෂ මණ්ඩලයකින් සමන්විත ජනතා සමාගමක් පිහිටුවීමට නියමිතය. මෙකී ජනතා සමාගම්වල නියෝජිතයන් පුහුණු කර ගමේ දිළිඳුකම පිටුදැකීමේ කාර්යයට උර දී‍මට හැකිවන අයුරින් එම ප්‍රජා පාලිත සමාගම් වෙත සංවර්ධන අරමුදල් නිකුත් කෙරෙන අතර, 2017 වසර අවසානයේදී එකී සෑම ගමකම සංවර්ධනයට රුපියල් මිලියනයක් බැගින් ලබා දීමට හැකි වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

Read more

Local News