නව දිස්ත්‍රික් මහරෝහල 2018 වර්ෂයේදී විවෘත කිරිමට සැලසුම්

යූරෝ මිලියන 39 ක ණය ආධාර යටතේ නුවරඑළියේ ඉදිකරන නව දිස්ත්‍රික් මහරෝහල පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිරීක්ෂණයට ලක් විය. ඒ අනුව මෙම නව රෝහල 2018 වර්ෂයේදී විවෘත කිරීමට සැලසුම් කර ඇත.

එහිදී නව නේවාසිකාගාරවලට අවශ්‍ය උපකරණ ලබාදීම, මානව සම්පත් ගැටලු හඳුනාගත් සෞඛ්‍ය අමාත්‍යවරයා එම ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණි.