අත්‍යවශ්‍ය භාණ්ඩ ලංකා සතොස හරහා තොග මිලටම ලබාදීමේ වැඩපිළිවෙළක්

Share

කොළඹ සතොස ප්‍රධාන කාර්යාලයේදී අද (19) සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ලංකා සතොස මගින් සහන මිලට අලෙවිකිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.

ඒහිදී සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා සඳහන් කළේ,

ගම් මට්ටමේ සිටින ව්‍යාපාරිකයින්ටද සහල් ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ලංකා සතොස හරහා තොග මිලටම ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි. දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් 370න් මෙම පහසුකම ගම් මට්ටමේ ව්‍යාපාරිකයින්ට හිමිවන බවත් සුදු කැකුළු, නාඩු, කැඩුනු සහල් මෙන්ම සම්බා සහල් මෙහි ප්‍රථම අදියර ලෙස ව්‍යාපාරිකයින්ට ලබාදීමට කටයුතු කරන බවත් ඉදිරියේදී සැමන්, හාල්මැස්සන් වැනි ආහාර ද්‍රව්‍ය ද තොග මිලට ගම් මට්ටමේ වෙළඳ ප්‍රජාවට ලබාදෙන බවත් ලංකා සතොස සභාපතිවරයා පෙන්වා දුන්නේය.

පාරිභෝගික ජනතාවට සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමටත් කලුකඩකාරයින් විසින් සිදුකරන ජනතාව සූරාකෑම නතර කිරීමටත් මෙම තීරණය ගෙන ඇතැයිද ඒ මහතා පවසයි.

Read more

Local News