පුරාවස්තු ලබා ගැනීමට කැණීම් කල 9ක් අත්අඩංගුවට 

Share

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණම් කල සැකකරුවන් 9 දෙනෙකු පූජාපිටිය සහ බඩල්කුඹුර ප‍්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ඉන් සැකකරුවන් 7 දෙනෙකු පූජාපිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පූජාපිටිය ගනේමුල්ල, ජා ඇල සහ කදාන ප‍්‍රදේශ වල පදිංචි 22ත් 52 ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් වෙයි.

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණම් කල තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අැත්තේ බඩල්කුඹුර ප‍්‍රදේශයේදීයි.

එහිදී සැකකරුවන් සතුව තිබී යතුරුපැදි 4 ක්ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හුලංදාව සහ මොණරාගල ප‍්‍රදේශවල පදිංචි 28 සහ 30 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකි.

Read more

Local News