දිවයිනේ බොහෝ පළාත්වලට ඉදිරියටත් වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිඅනිද්දා (23) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ක්‍රමයෙන් වැඩි වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම, උතුරු, වයඹ සහ දකුණු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවේ. සමහර ස්ථානවලට තරමක තද වැසි ඇතිවිය හැක.

ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇතිවිය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

දිවයින හරහා හමන තරමක් තදසුළං අද දිනයේදී ද අපේක්ෂා කළ හැක.

Read more

Local News