විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද(04) දින අලුයම අත්අඩංගුවට ගෙන අැත.
එ් කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර අැත.
මොවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සහ 46 හැවිරිදි ව්‍යාපාරිකයෝ දෙදෙනෙකි.
ඔවුන් විසින් රැගෙන විත් තිබූ විශාල ගමන් මලුවල රුපියල් විසි හය ලක්ෂ හැට දෙදහසක් (26,62,000) ක් වටිනා, විදේශීය නිෂ්පාදිත දුම්වැටි 48,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 242 ක් සඟවා ගෙන තිබූ බවට වාර්තා වෙයි.



