ඇලෝෂියස් හා පලිසේන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා යටතේය.

ඔවුන් දෙදෙනා ලබන මස 18වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබිණි.

Exit mobile version