අදත් පාර්ලිමේන්තුව රැස්වෙයි

Share

අද (05) පෙරවරු 10.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව සභාවාරයට ප්‍රථම අද උදෑසන 09.30 ට කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්විමක් කැදවා ඇති බව වාර්තා වේ.

එමෙන්ම අද දිනයේදී ද මහජන ගැලරිය වසා දැමිමට තීරණය කර තිබේ.

මේ අතර අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී නොවීමට තීරණය කල බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read more

Local News