ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල එන සතියේ

Share

මෙවර 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රතිඵල අධ්‍යාපන අමාත්‍යංශයට හා පාසල්වලට යොමු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත්. බි. පූජිත මහතා සඳහන් කළේ.

මෙවර 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් කළ අයැදුම්පත් සංඛ්‍යාව 20,000 කට අධිකයි.

Read more

Local News