ප්‍රධාන අවබෝධතා ගිවිසුම් දෙකක් කටාර් රාජ්‍ය සමඟ

Share

බලශක්ති සහයෝගීතාවය පිළිබඳ සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ ප්‍රධාන අවබෝධතා ගිවිසුම් දෙකක් කටාර් රාජ්‍ය සමඟ අත්සන් තැබීම සඳහා වූ යෝජනාවට පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී  අනුමැතිය හිමි වී තිබේ.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ අනාගත අභියෝග ජය ගැනීම සඳහා කටාර් රාජ්‍ය සමඟ සබඳතා පැවැත්වීමේ වැදගත්කම සළකා බලමින් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන අමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1976 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පසුව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එම සබඳතා ශක්තිමත් වී තිබේ.

නුදුරු දිනකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටාර් රාජ්‍යයේ සිදු කිරීමට යෝජිත නිල සංචාරය අතරතුරදී මෙම සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

කටාර් රාජ්‍ය ගල්ෆ් කලාපයේ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන පෙලේ රටකි.

Read more

Local News