අන්තර් මෝසම් කාලගුණය දිවයින පුරා ක්‍රමයෙන් සක්‍රිය වෙමින් පවතී

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ අන්තර් මෝසම් කාලගුණ තත්වය දිවයින පුරා ක්‍රමයෙන් සක්‍රිය වෙමින් පවතින නිසා සවස් කාලයේ දී ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි.

දිවියනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

විශේෂයෙන් කොළඹ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය.

 

Read more

Local News