ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකාවේ දුප්පත්කම අඩුවීමේ ප්‍රවණතාවයක් පසුගිය වසර 14 තුළදීම දක්නට ලැබුණු බවත් ඒ අනුව 2002 වර්ෂයේ දී 22.7%ක්ව පැවැති ජනගහන දරිද්‍රතා අනුපාතය 2016 වසරේදී 4.1% දක්වා අඩු වී ඇති බවත් ය.
පසුගිය දශක කිහිපය තුළ ජාතික මට්ටමින් දුප්පත්කම අඩුවීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කළද දුප්පත්කමේ අසමානතා තවමත් පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් හා නාගරික ග්‍රාමීය හා වතුයන අංශ මට්ටමින් දක්නට ලැබෙන බව ද එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.