මත් පැන් වැටලීමක් අතර අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයෑමේ සිද්ධියක් මත දුම්මලසූරිය පොලිසිය අසළ උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇත.
ඊයේ (10) රාත්රියේ මෙම පුද්ගලයා නිවසේ සිටින විට පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණ ඔහු යතුරු පැදියක නංවාගෙන රැගෙන ගොස් ඇති අතර නිවසේ සිට මීටර් 300ක් පමණ යන විට ඔහුට සිහිසුන් වී ඇති බව ඥාතීන් පවසයි.
පසුව ප්රදේශවාසීන් එක්ව ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතත් රෝහල් ගත කරන විටත් ඔහු මිය ගොස් සිට ඇති බව වාර්තා වේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ උඩුබද්දාව මහාඅගාර ප්රදේශයේ පදිංචිව සිටි උපුල් ශාන්ත නමැති දෙදරු පියෙකි. මොහු ප්රදේශයේ ගල් කොරියක සේවය කර ඇති අතර දිනපතා මත් පැන් පානයට පුරුදුව සිටි නමුත් කිසි දිනෙක මත් පැන් අලෙවි නොකළ අයකු බව ඥාතීහු පවසති.
මත්පැන් අළවි කළ බවට පොලිසිය චෝදනා කරමින් ඔහු රැගෙන ගිය අතර ඔහු සමග එකම යතුරු පැදියේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ගමන් කළ බවටද ඥාතීහු චෝදනා කරති.
කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා පැමිණ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන බවට පොරොන්දු වීමත් සමඟ පිරිස පොලිස් ස්ථානය අසළින් විසිර ගොස් ඇත.



