යාපනයේ ක්‍රියාත්මක “ආවා කල්ලිය” යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ පිහිටි ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයකට ඊයේ(10) දා රාත්‍රී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුව නැතත් එම මධ්‍යස්ථානයේ තිබූ ව්‍යායාම සිදු කිරීමට යොදා ගන්නා ලද සියලුම උපකරණ වලට හානි සිදුව තිබේ.
යාපනයේ පෞද්ගලික ව්‍යාපාරිකයෙකු විසින් මෙම ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානය පවත්වා ගෙනා යන අතර ඔහුගෙන් ආවේ කල්ලිය කප්පම් ඉල්ලා ඇතත් කප්පම් නොගෙවීම නිසා මේ බෝම්බ ප්‍රහාරය එල්ල කොට ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනයේ චුන්නාකම් පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි. මේ මාසය තුළ යාපනයේ ස්ථාන තුනක පිහිටි නිවෙස් වලට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල වූ අතර ඒ සෑම ප්රහාරයකින්ම එම නිවෙස් වල තිබූ වාහන කීපයක්ම ගිණිගෙන විනාශ වුණි.
නමුත් මේ ප්‍රහාර වලට සම්බන්ධ කිසිවෙකූවට අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාවක් ලැබී නොමැත්තේ එම සෑම ප්‍රහාරයක්ම “ආවා කල්ලිය” වීසින් සිදු කිරීම නිසා යැයි යාපනයේ ව්‍යාපාරිකයෝ කියා සිටිති.